වැලි ගොඩදැමූ බන්ධනාගාර නිලධාරීන්-සිරකරුවන් ඇතුළු 5ක් අත්අඩංගුවට


(ජයන්ත සමරකෝන් )

මොනරාගල බන්ධනාගාරයේ අවශ්‍යතාවකට යැයි පවසමින්  කුඹුක්කන් ඔයෙහි වැලි ගොඩ දැමූ බව කියන  බන්ධනාගාර නිලධාරීන්  දෙදෙනෙකුගේ සහ සිරකරුවන් තිදෙනෙකු  පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් කණ්ඩායමක් අද(26) දහවල් අත්අඩංගුවට ගෙන තිබේ.

සිරකරුවන් විසින් වැලි ගොඩදමන බවට  ලැබුණු තොරතුරක් මත  මෙම වැටලීම සිදු කර තිබේ.

මේ වනවිට අත්අඩංගුවට ගත් පස්දෙනා  මොනරාගල පොලීසියට බාර දී  ඇත.

 බලපත් නොමැතිව වැලි ගොඩදැමීම හා ඒවා ප්‍රවාහනය කිරීමේ චෝදනාව මත සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.