පාරිසරික අතින් වැදගත් ස්ථානයක් වන රිටිගල රක්ෂිතය වැලි ජාවාරම්කාරයින්ගේ සහ දඩයම්කරුවන්ගේ අතින් විනාශයට පත්වන බව ප්‍රදේශවාසීහු පවසති.
‘එසැණ’ දින දෙකක් රිටිගල රක්ෂිතයේ විනාශය දැක්කේය. දිය සිඳී යන දියකඩිති සොයා යන වන සතුන් දඩයම් කිරීමට වතුරටද වස දමා ඇත. දඩයක්කරුවන්ට සොයාගැනීමට නොහැකිවූ සතුන්ගේ සිරුරු මුළු වනයම ගඳ ගස්වයි. වැලි බලපත් දීමට ඇතැම් නිලධාරීන්ගේ අනුග්‍රහය ලැබී ඇත.






