(දිනේෂ් උපේන්ද්‍ර)
කුලියාපිටිය ප්‍රදේශයේ නිවසක් තැනීමට මුස්ලිම් ව්‍යාපාරිකයෙකුගෙන් ලබාගත් බව කියන වැලි ගොඩක තිබූ පුද්ගල නාශක බෝම්බයක් ආරක්ෂිතව පුපුරුවා හැරීමට අද (09) ආරක්‍ෂක අංශ පියවර ගත්තේය.
මෙය ශ්‍රී ලංකාවේ හමුදාව සතුව නොමැති බෝම්බයක් බවද පොලිසිය කියයි.
කුලියාපිටිය නාරම්මල ගණන්ගමුව ප‍්‍රදේශයේ නිවසක් තැනීමට මුස්ලිම් ව්‍යාපාරිකයෙකුට අයත්යැයි කියන වැලි පොළකින් ලබාගත් පෙදරේරුවන් විසින් පිරිපහදුවට ලක්කිරීමේදී යම් සැක උපදවන උපකරණයක් දැකගන්නට ලැබී ඇත.
නාරම්මල පොලිසියට කළ දැනුම්දීමෙන් අනතුරුව පොලිසිය හා යුද හමුදාව එම ස්ථානයෙන් ජනතාව ඉවත් කර බෝම්බය පුපුරුවාහැරීමට කටයුතුකොට තිබිණ.
අදාළ මුස්ලිම් වැලි සැපයුම්කරු නාරම්මල පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.
නාරම්මල පොලිසිය වැඩිදුර පරීක්‍ෂණ මෙහෙයවයි.


