(අශෝක තිලකරත්න සහ විමල් ගරුසිංහ)
වැල්ලවාය තණමල්විල ප්‍රධාන මාර්ගයේ තෙළුල්ල පීල්ල හන්දියේ දී අද (27දා) සවස මෝටර් රථයක් සහ ලංගම බස් රථයක් මුහුණට මුහුණ ලා ගැටීමෙන් සිදුවූ අනතුරෙන් මෝටර් රථයේ ගමන් කළ හතර දෙනෙකු මියගොස් තවත් දෙදෙනෙකු බරපතල තුවාල ලබා හම්බන්තොට මහ රෝහලට ඇතුළත් කර ඇතැයි කුඩා ඔය පොලිසිය පවසයි.
මළ සිරුරු 3 ක් තණමල්විල රෝහලේ මෘත ශරීරාගාරයේ ද තවත් මළ සිරුරක් හම්බන්තොට මහ රෝහලේ මෘත ශරීරාගාරයේ ද තැන්පත් කොට ඇත.
කුඩා ඔය පොලිසිය මේ මාරක රිය අනතුර සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

