(ශාන්ත ප්‍රදීප් කුලරත්න)
වැල්ලවත්ත දුම්රියපොළ අසල මුහුදු වෙරළේ ගල්පර අතර සිරවී තිබී වයස අවුරුදු 25-30ක පමණ තරුණයකුගේ බවට සැක කෙරෙන මළ සිරුරක් අද (01) සොයාගත් බව වැල්ලවත්ත පොලිසිය පවසයි.
මිය ගිය පුද්ගලයාගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරු කරගෙන නොමැති බවත් මරණය සිදුවූ හේතුව මූලික විමර්ශනවලදී තහවුරු නොවූ බව පොලිසිය කියයි.

