වැල්ලවත්ත ගොඩනැගිල්ලට යටවී මියගිය ගණන තුන දක්වා ඉහළට


(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

වැල්ලවත්ත කඩා වැටුණු ගොඩනැගිල්ලේ සුන්බුන් අතර සිරවී මියගොස් සිටි කාන්තාවකගේ සිරුරක් අද(21) පස්වරුවේ සොයාගත් බව ගිනි නිවන හමුදාව පවසයි.

එසේ මියගොස් ඇත්තේ පිරිසිදු කිරීමේ සේවිකාවක් බව වාර්තාවේ. ගොඩනැගිල්ල කඩා වැටීමෙන් මීට පෙර දෙදෙනකු මියගොස් සිටි අතර ගිනි නිවන හමුදාව තවදුරටත් එහි මෙහෙයුම් කටයුතු සිදුකරගෙන යයි.