වැල්ලම්පිටියෙන් වැලි සීනි තවත් මතුවේ


වැලි මිශ්‍ර දුඹුරු සීනි කිලෝ ලක්ෂ අටක තොගයක් වැල්ලම්පිටිය සේදවත්ත ගබඩාවකින් අද අල්ලාගත් බව පාරිභෝගික අධිකාරියේ විශේෂ වැටලීම් ඒකකය කියයි.

බ්‍රසීලයෙන් ආනයනය කළ මෙම සීනී තොගය කිලෝ 50 ගොනි 15000ක අසුදා තිබූ බව වැටලීම් ඒකකයේ ස්ථානාධිපති ප්‍රදීප් කලුතරආරච්චි මහතා පැවසීය.

මෙම සීනි තොගය ආනයනය කළ කොල්ලුපිටියේ සමාගමකට විරුද්ධව නඩු පැවැරීමට යයි.

මීට පෙර ද වැල්ලම්පිටියෙන් වැලි සීනි අල්ලා ගැණිනි.