වැල්ලම්පිටියෙන් කසල තේ කිලෝ 16500ක් අල්ලයි


ඉන්දිකා රාමනායක
 
වැල්ලම්පිටිය  කිත්තම්පහුව ප්‍රදේශයේ  ගබඩාවක තිබී කසල තේ  කිලෝ 16,500 ක්   අත්අඩංගුවට ගත් බව  පොලිස් විශේෂ කාර්ය බළකාය කියයි.
 
වැටලීම සිදුකරන අවස්ථාවේ මෙම ස්ථානයේ තිබී කසල තේ රස ගැන්වීම සහ පැහැ ගැන්වීමට යොදන රසායනික ද්‍රව්‍ය ලීටර් 400 ක් ද  සොයාගෙන තිබේ.එම අවස්ථාවේ ගබඩාවේ සිටි දෙදෙනකු සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.
 
මෙම ගබඩාවේ  කසල තේ  ඇසුම්කර විදේශ රටවලට අපනයනය කරන බවට බුද්ධි නිලධාරීන් වෙත ලැබුණු තොරතුරක් මත  විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම් ආර් ලතීෆ්  මහතාගේ උපදෙස් මත විශේෂ කාර්ය බළකායේ සංවිධානාත්මක අපරාධ මර්දන ඒකකයේ භට කණ්ඩායමක් මෙම වැටලීම සිදුකර  තිබිණි.