(ඉන්දිකා රාමනායක)
පෙබරවාරි 14 දිනට යෙදෙන ආදරවන්තයන්ගේ දිනය සමරමින් සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස් නොමැතිව සාද පැවැත්වීම තහනම් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස් නොතකා , පවත්වන සාද සංවිධානය කරන්නන් සහ ඒ සදහා සහභාගිවන්නන් අත්අඩංගුවට ගන්නා බවද හෙතෙම කියා සිටියේය.
මෙම දිනය සැමරීම ඇතැම් පිරිස් අන්තර් ජාලය හරහා විවිධ සාද සංවිධානය කරන බවටත්, ඒ සදහා විවිධ කණ්ඩායම් ඒකරාශි වී සිටින බවටත් පොලිසියට තොරතුරු ලැබී ඇති බවත් හෙතෙම කියා සිටියේය.
මේ සම්බන්ධයෙන් පොලිසියේ අවධානය යොමු වී ඇති බවත්, සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස් ලබා නොගන්නා කිසිදු සාදයකට, සම්භාෂණයකට අවසර නොමැති බවද හෙතෙම කීය.
මේ දිනවල කොවිඩ් වසංගතය සීග්‍රයෙන් පැවැත්වෙන කාල වකවානුවක් බවත් , මෙම සාද හරහා තවත් ආශ්‍රිතයන් බෝවීම වළක්වා ගැනීම සදහා මෙම පියවර ගෙන ඇති බවද ඒ මහතා සඳහන් කළේය.
මෙවැනි නීතිවිරෝධී සාද සදහා සිය හෝටල්, නිවාස, ලබාදෙන පුද්ගලයන්ට එරෙහිව ද නීතිය තදින්ම ක්‍රියාත්මක කරන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.
මේ සම්බන්ධයෙන් සොයා බැලීම සදහා ප්‍රාදේශිය පොලිස් ස්ථාන හා බුද්ධි අංශ යෙදා විමර්ශන සිදුකරන බවත්, සෞඛ්‍ය බලධාරීන්ගේ අවසර නොමැතිව පැවැත්වෙන මෙවැනි සාද සදහා සහභාගි නොවන ලෙසත්, එවැනි සාද සදහා දැන දැනම සහභාගි වී නඩුවක වින්දිතයකු නොවන ලෙසටත් තරුණ තරුණියන්ගෙන් ඉල්ලා සිටින බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් කියා සිටියේය.

