වැල යන පැත්තට මැස්ස ගැසිය යුතුයි


වැල යන පැත්ත මැස්ස ගසනවා විනා මැස්සට ඕන විදියට වැල යැවිය නොහැකි යැයි ද  දැඩි නීති රීති දමා වෙළෙදුනට ප්ලාස්ටික් කූඩවලම එළවළු ප්‍රවාහනය කළ යුතු යැයි කීම මැස්සට ඕන විදියට වැල හැරවීමක් සේ පෙනේ යැයි ද එස්.එම්. චන්ද්‍රසේන මහතා බණ්ඩාරවෙල දී අද පැවැසීය. කලක් තිස්සේ අනුගමනය කළ ක්‍රියාවක් එක රැයකින් වෙනස් කළ නොහැකි යැයි ද මෙම කූඩා ක්‍රමය සාර්ථක කර ගැනීමට නම් ගොවියන්, නිලධරයන්, වෙළෙදුන් හා දේශපාලනඥයින් එකමුතු වී එකම තීරණයක් ගත යුතු යැයි ද හෙතෙම සඳහන් කෙළේය. එළවළු ප්‍රවාහනය සඳහා කූඩා බෙදොදීමේ උත්සවයකදී ඇමැතිවරයා මේ බව පැවැසීය. ගොවීනට පමණක් ගොනිවල අසුරා එළවළු හා පළතුරු වෙළෙඳපොලට ගෙන ඒමට අවසර ඇතැත් වෙළෙඳුන් ප්‍රවාහනය කිරීමට පෙර ඒවා ප්ලාස්ටික් කූඩා වලට ඇසිරිය යුතුය. ගෝනියෙන් කූඩයට වෙළෙදුනට කූඩ