වැරැද්ද පෙන්වූ සාමාන්‍යාධිකාරීගේ වැඩ තහනම්


රංජන් කස්තුරි
 
නීති විරෝධී ඩීසල් බලාගාරයකින් විදුලිය මිලදී ගැනීමට විරෝධය දැක්වීම නිසා නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී වරයෙකුගේ වැඩ තහනම් කිරීමට ලංකා විදුලිබල මණ්ඩලයේ පාලනාධිකාරිය කටයුතු කර ඇතැයි ලංකා විදුලි සේවක සංගමය චෝදනා කරයි.
 
නීතිවිරෝධි ලෙස අත්සන් කළ ගිවිසුමක් මගින් ඩීසල් බලාගාරයකින් විදුලිය මිලදී ගෙන ඇති අතර ඒ වෙනුවෙන් දින 22 ක කාලයක් සඳහා ලංකා විදුලිබල මණ්ඩලයට රුපියල් කෝටි 84 ක් ගෙවීමට සිදුව තිබෙන  බවද එම මුදල ගෙවීමට විරෝධය දැක්වීම හේතුවෙන් නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරයාගේ වැඩ තහනම් කර තිබෙන ඇතැයිද ලංකා විදුලි සේවක සංගමයේ ප්‍රධාන ලේකම් රන්ජන් ජයලාල් මහතා කොළඹදී අද (12) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවසිය.

මෙවැනි ක්‍රියාවන් හරහා ලංවීම ඉහළ නිලධාරීන් විශාල කොමිස් මුදල් ලබාගන්නා බවද රන්ජන් ජයලාල් මහතා කීය.