( මහින්ද නිශ්ශංක)
වැරදිකරන රියදුරන්ට එරෙහිව පනවනු ලබන දඩය විශාල වශයෙන් වැඩි කරන බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පැවසීය.
දඩ පැනවීමට අමතරව බරපතල වැරදිකරන රියදුරන්ගේ බලපත්‍රය අහෝසි කිරීමට අවශ්‍ය නීතී ඉදිරියේදී පැනවීමට කටයුතු කරන බවද අමාත්‍යවරයා අවධාරණය කළේය.
හඳුනා නොගත් වාහන වලින් අනතුරුට ලක්වුවන් සඳහා වන්දි මුදල් ප්‍රදානය කිරීම නිමිත්තෙන් ප්‍රවාහන අමාත්‍යංශයේදී අද පැවැති උත්සවයකදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

