ගැඹුරු මුහුදේ තහනම් ක‍්‍රම අනුගමනය කරමින් අධිබලැති පුපුරණ ද්‍රව්‍ය යොදා අල්ලාගත් මාළු ප‍්‍රවාහනය කරමින් තිබූ බව කියන ලොරි රථ දෙකක් මාළු තොගයක් සමග රියදුරන් දෙදෙනා අත්අඩංගුවට ගත් බව මීටියාගොඩ පොලිසිය කියයි.
මසුන් මැරීමේ හා පාරිසරික නීති රීති බරපතල ලෙස උල්ලංඝනය කරමින් ගැඹුරු මුහුදේ ඩයිනමයිට් වෙඩි දමා අල්ලාගෙන ප‍්‍රවාහනය කරමින් තිබූ මාළු තොගයේ බර කිලෝ 700 ක් වන අතර, එක් ලොරියක මාළු කිලෝ 503 ක් හා අනෙක් ලොරියේ මාළු කිලෝ 197 ක් තිබූ බවත්, ඒවා රැගෙන යමින් තිබූ ලොරි රථ දෙකක්ද පොලිස් බාරයට ගෙන ඇත.




