(තිස්ස කොටින්කඩුව)
දරුවන් මුදලට අළෙවි කිරීම සහ නීත්‍යානුකුල නොවන අයුරින් දරුවන් ලබා ගැනිම යන චෝදනාවන් මත වැලිසර මහේස්ත්‍රාත් උසාවියට ඉදිරිපත් කළ වැදූ මව සහ හදාගන්නට ගත් මවුවරුන් තිදෙනා ඒක්ක්ක අයකු රුපියල් ලක්ෂයක ශරීර ඇප මත මුදා හැරීමට වැලිසර මහේස්ත්‍රාත් ධම්මික උඩුවවිධාන මහතා නියෝග කළේය.
මෙසෙ ඇප මත මුදා හැරුනේ මව වන සදුනි රුවන්තිකා සහ නිත්‍යනුකුල නොවන අයුරින් දරු දෙදෙනා ලබා ගත් රසිකා ශාමලී රණසිංහ සහ නෙත්මිණි කෞශලයයා යන තිදෙනෙකි.
පරිවාස හා ළමා අධිකාරියේ නිලධාරින් විසින් කරණ ලද ඉල්ලීමක් අනුව නිවුන් දරු දෙදෙනා මොරටුව ප්‍රේම් ළමා සංවර්ධන මධ්‍යස්ථානය වෙත යොමු කරණ ලෙසද විනුසිරුවරයා නියෝග කර සිටියේය.

