වැදගත් දේශපාලන පෙරළියක් වෙනවා


(රෝහණ සමරවීර)

‘2015 මැතිවරණයෙන් පස්සේ ඉතාමත් වැදගත් දේශපාලන පෙරලියක් හෙට අනිද්දා ඇති වෙනවා. එය පළාත් සභා මැතිවරණය හරහා හෝ ජනාධිපති වරණය නිසා වෙන්න පු`එවනි. නමුත් මේ මාසයේ 30 වැනිදායින් පස්සේ කාලය බැලුවාම ඒ කාලය තුළ පළාත් සභා මැතිවරණයක් තියන්න බැහැ..“ යැයි රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී (එ.ජ.නි.ස.) ඩබ්.ඩී.ජේ. සෙනෙවිරත්න මහතා අද (27) පස්වරුවේ නිවිතිගලදී පැවැසීය.

ඒ මහතා එසේ පැවැසුවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිවිතිගල ආසන සම්මේලනය අමතමිණි. එහිදී මන්ත්‍රි වරයා මෙසේද පැවැසීය.

“ජනාධිපති වරණය හා පළාත් සභා මැතිවරණය සමාන්තරව තියන්න ඕනෑ එහෙම තියන්නත් බැහැ. එම නිසා නොවැම්බර්වලින් පෙර ජනාධිපතිවරණය පවත්වන්න ඕනෑ. නමුත් ඒ මැතිවරණය පරාදවෙන්න බැහැ. 2015 මහින්ද මහත්තයා දිනුම් කියලා අපේ අය හීන බල බලා හිටියා. මහින්ද අනිවාර්යයෙන් දිනයි කිව්වා. නමුත් ඡන්දෙන් පස්සේ මහින්ද මහත්තයට ගෙදර යන්න සිදු වුණා. මේ වතාවේ එහෙම වෙන්න බැහැ. ඊයේ පාර්ලිමේන්තුවේ සිදු වූණේ කුමක්ද දෙමළ ජාතික සංධානය එක්සත් ජාතික පක්‍ෂයට විරුද්ධව විශ්වාසභංගය යෝජනාවක් ගෙනාවා. 2015 සිට එක්සත් ජාතික පක්‍ෂය ආරක්‍ෂා කරපු එම සංධානය මේ කරන්නේ රැවැටිල්ළක් වෙන්න පුළුවන්. නමුත් ඒක වෙනම කාරණයක්. දෙපයින් සිටගෙන විශ්වාස භංගයක් යෝජනා කරන්න සම්බන්ධන් මහත්තයට අද සිදු වෙලා තිබෙනවා.

මේ ආණ්ඩුව බලයට පත්වූ දවසේ ඉඳලා පාර්ලිමේන්තුවේ බහුතරය තිබුණේ 101 යි 103යි. ඉතිරි අඩුව පිරෙව්වේ දෙමළ ජාතික සංධානයෙන්. නමුත් මේ විශ්වාස භංගය ගේන වෙලාවේ අගමැතිවරයාවත් මැති අමැති වරයෙක්වත්  113 න් එක්සත් ජාතික පක්‍ෂයේ කිසිම කෙනෙක් පාර්ලිමේන්තුවේ හිටියේ නැහැ. පාර්ලිමේන්තුව හොල්මන්.

එම යෝජනවා ස්ථීර කළේ පාර්ලිමේන්තුවේ නියොජ්‍ය කතානායක දෙමළ ජාතික සංධානයේ අරික්කලනාදන් මහත්තයා. ඒ වෙලාවේ කිව්වා අපේ දුක් ගැනවිළි කියන විට පාර්ලිමේන්තුවේ එකම එක එක්සත් ජාතික පක්‍ෂයේ මන්ත්‍රි කෙනෙක්වත් නැහැ කියලා. 2015 ඉඳලා එක්සත් ජාතික පක්‍ෂය වැටෙන හැම වෙලාවෙම  කෙළින් කෙරුවේ අපි. නමුත් අපිට එයාල සළකන හැටි මෙහෙමයි කියලා ඒ අයගේ මන්ත්‍රිවරු දෙන්නෙක් මට කිව්වා. එක්සත් ජාතික පක්‍ෂයට විරුද්ධව කටයුතු කරන්න කියලා ඒ පක්‍ෂය තුළ කැරළි ගහනවා කියලා.

අද රනිල් වටා නොවෙයි මුස්ලිම් නායකයින් සිටින්නේ. එක්සත් ජාතික පක්‍ෂයේ සභාපති කබීර් හෂීම් මහතා කියනවා එක්සත් ජාතික පක්‍ෂයේ ජනාධිපති අපේක්‍ෂකයා ලෙස සජිත් මහතා ඉදිරිපත් කරන්න කියලා. මේකෙන් තේරෙනවා එක්සත් ජාතික පක්‍ෂයේ අර්බුදය දරුණුද කියලා.

එම නිසා අපි සියලුදෙනාම ගෝඨභය මහතා රටේ ජනාධිපති වරයා කිරීම සඳහා කටයුතු කරන්න ඕනෑ. ඒ වගේම එක්සත් ජාතික පක්‍ෂයට දෙපයින් සිට ගැනීමට නොහැකි තත්වයක් ඇති වී තිබෙනවා. අද එක්සත් ජාතික පක්‍ෂයේ නායකයාට පක්‍ෂයේ අය අවනත නැහැ. පක්‍ෂය තුළ කල්ලි නිර්මාණය වෙලා. අද නායකයාට විරුද්ධව කැරැළි ගහන්න යනවා.

එක කණ්ඩායමක් අපේ ජනාධිපති අපේක්‍ෂකයා සජිත් කියලා කියනවා. රවි කරුණානායක සමග තවත් අයගේ සටන් පාඨය වෙලා තිබෙන්නේ සජිත්ට අට පාස් නැහැ කියලා බොළද කතා කියමින් යනවා. රනිල් ගේන්න“ යැයි පැවසීය.