(බිඟුන් මේනක ගමගේ )
මෙරට වැඩිහිටි ජනගහනයෙන් 5-7% අතර සංඛ්‍යාවක් විෂාදයෙන් පෙළෙන බවට කරුණු හෙළි වී ඇතැයි ද ඒ අනුව ලංකාවේ වැඩිහිටියන්ගෙන් ලක්ෂ 12කට ආසන්න පිරිසකට මෙම රෝග තත්ත්වය ඇතැයි කොළඹ විශ්ව විද්‍යාලයේ මානසික වෛද්‍ය විද්‍යා පිළිබඳ මහාචාර්ය රවීන් හංවැල්ල මහතා ‘ලංකාදීප’ යට පැවසීය.
ලෝක සෞඛ්‍ය පර්යේෂණ අනුව වසර 2022 වනවිට මිනිසාට වඩාත් පීඩාකාරී රෝගය බවට විෂාදය (Depression) පත්වනු ඇතැයි ද මහාචාර්ය හංවැල්ල මහතා සඳහන් කළේය.
මානසික රෝග තත්ත්වයක් වන විෂාදය හෘදයාබාධ, පිළිකා යන රෝග තත්ත්ව පරයමින් දැනටමත් වඩාත් පීඩාකාරී රෝග අතර දෙවැනි තැනට පත්ව ඇතැයි මහාචාර්ය හංවැල්ල මහතා කීය.
විෂාදයෙන් පෙළෙන බොහෝ දෙනෙකු තමන් විෂාදයෙන් පෙළෙන බව දැන නොසිටින්නේ යැයි ද එනිසා වේගවත් සමාජ රටාවක නිරත සියලු දෙනා මේ ගැන දැනුවත්වීම වැදගත් යැයි ද මහාචාර්ය හංවැල්ල මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

