රාජ්‍ය සේවකයින්ට රුපියල් 10,000ක වැටුප් වැඩිවීමක් හිමිවූයේ ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානය ඇරඹු අරගලයක ප‍්‍රතිඵලයක් ලෙස බැවින් එයින් රුපියල් 1000ක් දැනට වෘත්තීය සමිති මධ්‍යස්ථානයට මූලස්ථානයක් ඉදි කර ගැනීම සඳහා ලබා දෙන්නැයි එම මධ්‍යස්ථානයේ සභාපති, ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික කේ.ඩී ලාල්කාන්ත මහතා රාජ්‍ය සේවකයින්ගෙන් ඉල්ලීමක් කළේය.
කොළඹ මහජන පුස්තකාල ශ‍්‍රවණාගාරයේ දී අද (16) පැවති ලංකා ගුරු සේවා සංගමයේ 17 වැනි වාර්ෂික සමුළුවේ ඔහු කීවේය.
ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ මූලස්ථානය ලෙස මෙතෙක් කල් විවිධ ගොඩනැගිලි කුලියට ගෙන කටයුතු කළ බව කී එහි සභාපති ලාල්කාන්ත මහතා ඒ වෙනුවෙන් ස්ථිර ගොඩනැගිල්ලක් ගොඩනගා ගැනීමේ කටයුතු මේ වන විටත් සැලසුම් කර ඇතැයි ද සඳහන් කළේය.
‘දරු පරපුරට දෑස් දෙන, ගුරු පරපුරට මග කියන’ තේමාව යටතේ මෙම සමුළුව සංවිධානය කර තිබූ අතර, ලංකා ගුරු සේවා සංගමයේ නිල වෙබ් අඩවිය විවෘත කිරීම හා ගුරුවරුන්ගේ හා විදුහල්පතිවරුන්ගේ වැටුප් පිළිබ`ද ගැටලූ හා අධ්‍යාපන කේෂ්ත්‍රයේ පවතින ගැටලූ විසඳා ගැනීම වෙනුවෙන් වූ යෝජනාවලියක් සම්මත කරගැනීම ද මෙහිදී සිදුකෙරිණි.






