පාලන මිලට වැඩියෙන් අලෙවි කිරීමට සූදානම් කර තිබූ සැමන් ටින් 20000ක් කැලණිය පෙතියාගොඩ ගබඩාවකින් සොයා ගත් බව පාරිභෝගික සේවා අධිකාරිය කියයි.
චීනයේ සිට ගෙන්වූ මෙම සැමන් ටින් තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ තිහකි. පාලන මිල රුපියල් 140ක් වන ග්‍රෑම් 425 සැමන්ටින් එකක් රුපියල් 160කට මිල ලකුණු කර තිබූ බව විමර්ශන ඒකකය පවසයි.

