වැඩි මිලට පොහොර විකුණන තැනක් වටලයි


ඩබ් ඒ පියතිලක
 
පොලොන්නරුව ප්‍රදේශයේ වැඩි මිලට  පොහොර අළෙවි කළ ව්‍යාපාරික ස්ථානයක්  අද පස්වරැවේ වටලා සැකකරුවකු සහ පොහොර මිටි 102ක් අත්අඩංගුවට ගත් බව පාරිභෝගික සේවා අධිකාරිය කියයි.
 
පොලොන්නරුව පාරිභොගික සේවා අධිකාරිය වෙත ලැබුණු තොරතුරකට අනුව මෙම වැටලිම සිදු කර තිබේ.    උපාය දුතයෙකු යොදවා  පොහොර මිලදී ගන්නා ලෙසින් ගොස් වැඩිමිළට අලෙවි කළ වෙළදසැල් හිමියා සහ පොහොර තොගය අත්අඩංගුවට ගෙන තිබේ.