වැඩි කළ මිලේ වෙනසක් නෑ - මුදල් අමාත්‍යංශය


(රංජන් කස්තුරි)
 
මිල සූත්‍රයට අනුව ඉන්ධන මිල ඊයේ (05) මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ නැංවුණු අතර එම මිල සංශෝධනය කිසිසේත් වෙනස් නොවන බව මුදල් අමාත්‍යංශය සඳහන් කරයි.
 

සෑම මාස දෙකකටම වරක් ඉන්ධන මිල සංශෝධනය කෙරෙන අතර එම තීන්දුව ගනු ලබන්නේ කැබිනට් මණ්ඩලය අනුමත කරන ලද කමිටුවකින් බවද එම කමිටුවට ඛනිජ තෙල් සංස්ථාවේ ලේකම්වරයාගේ නියෝජිතයෙකු , මහා  භාණ්ඩාගාරයේ නියෝජ්‍ය ලේකම් හා මහා භාණ්ඩාගාරයේ අධ්‍යක්ෂවරුන් දෙදෙනෙකු අයත්වන බවද එම අමාත්‍යංශය සඳහන් කරයි.
 
කැබිනට් මණ්ඩලයේ අනුමැතිය මත පත් කෙරෙනු එම කමිටුව සෑම මාස දෙකකට පසුව එළඹෙන 5 වැනිදින ඉන්ධන මිල සංශෝධනය කරන  අතර ලෝක වෙළඳපළේ ඛනිජ තෙල් මිලහි අඩුවැඩිවීම් මත දේශීය ඉන්ධන මිල තීරණය වන බවද මුදල් අමාත්‍යංශය සඳහන් කරයි.