වැඩබලන ඇමැතිවරු තිදෙනෙක් දිවුරුම් දෙති


(අජන්ත කුමාර අගලකඩ)

වැඩබලන ඇමැතිවරු තිදෙනෙක් ජනාධිපති මෛත්‍රීපාල  සිරිසේන මහතා ඉදිරියේ අද (10) පෙරවරුවේ දිවුරුම් දුන්හ.

නගර සැලසුම් හා ජලසම්පාදන රාජ්‍ය ඇමැති ලකී ජයවර්ධන මහතා - වැඩබලන නගර සැලසුම් ජලසම්පාදන හා උසස් අධ්‍යාපන ඇමැති

කර්මාන්ත හා මැණික් කටයුතු නියෝජ්‍ය ඇමැති බුද්ධික පතිරණ මහතා - වැඩබලන කර්මාන්ත වාණිජ කටයුතු දිගුකාලීන අවතැන් වූ පුද්ගලයින් නැවත පදිංචි කිරීම්, සමුපකාර සංවර්ධන හා වෘත්තීය පුහුණු ඇමැති

බනිජ තෙල් සම්පත් සංවර්ධන නියෝජ්‍ය ඇමැති අනෝමා ගමගේ මහත්මිය - වැඩබලන මහාමාර්ග හා මාර්ග සංවර්ධන සහ බනිජතෙල් සම්පත් සංවර්ධන ඇමැතිනී 

වැඩබලන ඇමැතිවරු තිදෙනාගේ දිවුරුම් දීම ජනාධිපති නිල නිවසේ දී සිදුවිය.

රිෂාඩ් බදියුදීන් රාවූෆ් හකීම් සහ කබීර් හෂීම් යන අමැතිවරුන් අමාත්‍ය ධුරවලින් ඉවත් වීම හේතුවෙන් එම ඇමැතිධූර පුරප්පාඩු වී තිබිණි.