
(අංජුල මහික වීරරත්න)
වැඩබලන අගවිනිසුරු ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ඇන්තනි ලලිත් ශිරාන් ගුණරත්න මහතා ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය.
අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා 2025-11-22 දින සිට 2025-11-27 වන දින දක්වා විදේශගත වන බැවින්, ඔහු නැවත ලංකාවට පැමිණෙන තුරු ජනාධිපතිවරයා විසින් මෙම පත් කිරීම සිදු කරනු ලැබ තිබේ.

