වැඩබලන අගවිනිසුරු දිවුරුම් දෙයි


වැඩබලන අගවිනිසුරුවරු ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කේ.ටී. චිත්‍රසිරි මහතා අද (28) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය.
 
ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු මහතා ද මෙම අවස්ථාවට සහභාගී විය.