වැඩ වර්ජනය සාර්ථක බව අධ්‍යක්ෂකගේ ලිපියෙන්ම පේනවා - ගුරු සංගමයේ ලේකම්


(තරිඳු ජයවර්ධන)

සයිටම් ආයතනය ජනසතු කරන ලෙස බල කරමින් සිදු කළ වැඩ වර්ජනය ඉතිහාසයේ අසාර්ථකම වැඩ වර්ජනය බව අධ්‍යාපන ඇමැති කීවද එම වැඩ වර්ජනය සාර්ථක වූ බව ජාතික පාසල් අධ්‍යක්ෂ යොමු කළ ලිපියෙන් පැහැදිලි වන බව ලංකා ගුරු සංගමය කියයි.

ජාත්‍යන්තර කම්කරු ප්‍රඥප්තියට ලංකාව අත්සන් කර ඇති  නිසා එහි 87 සහ 98 වගන්ති අනුව සාමූහිකව කේවල් කිරීමේ අයිතිය ලංකාවේ ගුරුවරුන්ට ද ඇතැයි ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පවසයි.

වැඩ වර්ජනයට සහාය දක්වමින් සේවයට වාර්තා නොකළ ගුරුවරුන් සම්බන්ධයෙන් කිසිම ක්‍රියාමාර්ගයක් ගැනීමට අධ්‍යාපන අමාත්‍යංශංයට නොහැකි බවත් වැඩ වර්ජනයක් පවත්වා රජයට බල කළ කටයුත්ත සිදු කිරීම පමණක් ආණ්ඩුව කළ යුතු බවත් ස්ටාලින් මහතා කීවේය.

වැඩවර්ජනයට සහාය පළ කරමින් පාසල් නොපැමිණි ගුරුවරුන් කිසිදු බියක් ඇති කර ගත යුතු නැතැයි ද ඔහු කියයි.