වැඩ බැරි ටාසන්ලා මාතලේ ඉන්නවාලු


මාතලේ අද ඉන්න ආණ්ඩු පක්ෂ දේශාපාලනඥයින් වැඩ බැරි ටාසන්ලා බවට පත්ව සිටින  බවත් ඇතැම් දේශපාලනඥයින් කටින් බතල කොල හිටවන බවත්  තමන්ගේ හෙළුව වසා ගැනිම සදහා වෙනත් ආසනවලට අවුත්  විවිධ මඩ ගසන බවත් ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායක මහතා මාතලේ දි පැවසිය.

මාතලේ එම්.සි පාර කාර්යාලයයේ පැවති රැස්වීමකදී  ඔහු එසේ කීවේය.