(රංජන් කස්තුරි)
වැඩබලන විභාග කොමසාරිස් ලෙස සනත් පූජිත මහතා පත්කරනු ලැබ සිටී.
ඔහු හෙට(16) සිට විභාග දෙපාර්තමේන්තුවේ වැඩබලන විභාග කොමසාරිස් ලෙස කටයුතු කිරීමට නියමිතය. ඒ පසුගියදා හිටපු විභාග කොමසාරිස්වරයා අධ්‍යාපන අමාත්‍යංශයට මාරු කිරීමෙන් පුරප්පාඩුවූ තනතුර සඳහා ය.
සනත් පූජිත මහතා පරිපාලන සේවයේ නිලධාරියකු වන අතර මීට පෙර විභාග දෙපාර්තමේන්තුවේ කොමසාරිස් (පාලන) ලෙස ද මහරගම ජාතික අධ්‍යාපන අමාත්‍යංශයේ හා අධ්‍යාපන අමාත්‍යංශයේ නිලධාරියකු ලෙසද සේවය කර ඇත.

