නිමල කොඩිතුවක්කු
මේ වසරට නියමිත වැටුප් වැඩිවීම කඩනමින් සිදු නොකළහොත් පෙබරවාරි මුල් සතියේ සිට වෘත්තීය ක‍්‍රියාමාර්ග වලට අවතීර්ණය වන බව ජල සම්පාදන වෘත්තීය සමිති ඒකාබද්ධ සන්ධානය අවධාරණය කරයි.
එහි මුල් පියවර ලෙස පෙබරවාරි දෙවනදා බස්නාහිර පළාතේ සියලූ කාර්යාල සහ වැඩබිම්වල සේවකයන් පෙරවරු 9.00 සිට පැය 04ක කාලයක් විරෝධතාවයේ නිරත වන බව ජල සම්පාදන වෘත්තීය සමිති ඒකාබද්ධ සන්ධානයේ කැ`දවුම්කරු උපාලි රත්නායක මහතා පැවසීය. තවද පෙබරවාරි 07 වන දින දිවයින පුරා සියලූ වැඩබිම් සහ කාර්යාලවල පෙරවරු 9.00 සිට පැය 4ක විරෝධතාවක් සිදුකරන බවද ඒ මහතා සදහන් කළේය.
මෙහිදී මනුසටහන් ගැනීම , බිල්පත් නිකුත් කිරීම, බිල්පත් ගෙවීම් කටයුතු, බි`දවැටුම් අලූත් වැඩියාවන්, පාරිභෝගික පැමිණිලි සම්බන්ධ කටයුතු සහ වෙනත් නඩත්තු කටයුතු සිදුනොවන බවද ඔහු කියා සිටියේය.
තම ගැටලූවට පාලකයින් පිළිගත හැකි විස`දුමක් ලබා නොදෙන්නේ නම් පෙබරවාරි 07 වන දිනෙන් පසු දීප ව්‍යාප්ත අඛණ්ඩ වැඩවර්ජනයක නිරත වීමටද ජල සම්පාදන වෘත්තීය සමිති ඒකාබද්ධ සන්ධානය තීරණය කර ඇත.
ජල සම්පාදන හා ජලපවාහන මණ්ඩලය වසර තුනකට වරක් අනිවාර්‍යයෙන් සිදු කළ යුතු වැටුප් වැඩිකිරීම මාස 6කට වැඩි කාලයක සිට සිදු නොවූ බවත් මෙම වෘත්තීය ක‍්‍රියාමාර්ග හේතුවෙන් ජනතාව අපහසුතාවට පත්වන්නේ නම් එහි වගකීම රජය භාර ගත යුතු බවද උපාලි රත්නායක මහතා පැවසීය.

