
(ඉන්දිකා රාමනායක සහ ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
වාකරේ කදිරවේලි ප්‍රදේශයේ නිවසක නීතිවිරෝධී මත්පැන් පෙරන බවට පොලිසියට ලද තොරතුරකට අනුව වැටලීමකට ගිය පොලිස් කණ්ඩායමකට නිවසේ හිමිකාරිය ඇතුළු සැකකාරියන් පිරිසක් පහරදී රාජකාරියට බාධා කිරීමෙන් පොලිස් කොස්තාපල්වරියක තුවාල ලබා වාකරේ රෝහලට ඇතුළත් කර ඇති බව පොලීසිය කියයි
සිද්ධිය සම්බන්ධයෙන් නිවසේ හිමිකාරිය ඇතුළු සැකකාරියන් තිදෙනෙකු පොලීසිය පොලීසිය මගින් අත්අඩංගුවට ගනු ලැබ ඇත.
පොලිස් කණ්ඩායම ඊයේ (25) පස්වරුවේ ඉහත නිවස වටලා සෝදිසි කිරීමේදී නිවසේ නාන කාමරයේ තිබී නීති විරෝධී මත්පැන් , සහ පෙරීමට ගන්නා උපකරණ රැසක් සොයාගෙන සොයා ගෙන ඇත

