කොළඹ සරසවියේදී සිසුන්ගේ වටිනා ජංගම දුරකථන සොරාගත් එහි හිටපු ආරක්ෂක නිලධාරීන් දෙදෙනකු අද (22) අත් අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
සිසුන් සිය ගමන් මලු සරසවි භූමියේ ගස් යට තබා දේශනවලට ගොස් සිටින අතරේ ඒවා මුරකුටියට රැගෙන ගොස් දුරකථන සොරාගෙන ඇතැයිද ඒවා වෙනත් පුද්ගලයින්ට අලෙවි කර ඇතැයිද පොලිසිය පවසයි.
සොරාගත් ජංගම දුරකථන රුපියල් 50,000, 85,000 හා 1000,00 වටිනාකම්වල ඒවා බවද කියති.

