වාහන විස දුමේ ආදීනව කියයි


‘රථ වාහන වලින් නිකුත් වන විෂ දුමෙන් තොර පරිසරයක්‘ යන තේමාව යටතේ රථවාහන රියැදුරන් දැනුම්වත් කිරීමේ නියමු වැඩසටහනක් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ වායු විමෝචන ව්‍යාපෘති කාර්යාලය මගින් අද දිවයින පුරා ක්‍රියාත්මක කළේය.

එහි ප්‍රධාන වැඩසටහන මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් එස් එච් හරිස්චන්ද්‍ර මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ බෞද්ධාලෝක මාවතේ දී පැවැත්විණි.

ගම්පහ බණ්ඩාරනායක විදුහල් සිසුහු ගම්පහ දී  එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මානප්පෙරුම මහතාගේ රිය ද නවත්වා උපදෙස් දුන්හ.