(බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ සුමිත් පොතුපිටිය)
පානදුර හොරණ මාර්ගයේ මහබෙල්ලන හන්දිය ආසන්නයේදී වාහන තුනක් එකිනෙක ගැටී පුද්ගලයන් දෙදෙනෙක් රෝහල් ගත කර ඇතැයි අළුබෝමුල්ල පොලිසිය කියයි.
තුවාල ලබා ඇත්තේ ත්‍රිරෝද රථයේ ගමන් ගත් රියදුරු සහ තවත් පුද්ගලයෙකි .
පානදුර සිට බණ්ඩාරගම දෙසට ගමන් කරමින් තිබූ තීරෝද රථයක් අපරීක්ෂාකාරී ලෙස ඉදිරියෙන් ගමන් ගත් ලොරි රථයකට ඉස්සර කිරීමට යාමේදී ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි කැබිරතයක ගැටීමෙන් මෙම අනතුර වී ඇතැයි පොලිසිය සඳහන් කරයි
තුවාල ලැබුවන් පානදුර මූලික රෝහල වෙත ඇතුලත් කර ඇත

