
සුමිත් ප්‍රේමතිලක සහ දයා හේමන්ත සිල්වා
වාද්දුව පොතුපිටිය ගාලුපාරේ අද (29) පස්වරුවේ වාහන තුනක් එකිනෙක ගැටී සිදුවූ රිය අනතුරකින් කාන්තාවන් තිදෙනකු ඇතුලු සිව්දෙනකු තුවාල ලබා රෝහල් ගතකර ඇතැයි වාද්දුව පොලිසිය කියයි.
මෝටර් රථයක් , කුඩා ලොරි රථයක් සහ ත්‍රිරෝද රථයක් මෙසේ අනතුරට ලක්ව තිබේ.
මෝටර් රථය පානදුර දෙස සිට කලුතර දෙසට ගමන් කර ඇති අතර , ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි ත්‍රිරෝද රථයේ මුහුනට මුහුණ ගැටී මාර්ගයේ විරුද්ධ මංතීරුවට ඇදී ගොස් ත්‍රිරෝද රථයට පිටුපසින් පැමිණි කුඩා ලොරි රථයක ගැටී නතර වී තිබේ.
අනතුර සිදුවීමත් සමගින් ත්‍රීරෝද රථය පෙරලී මාර්ගයෙන් ඉවතට විසිවී ගොස් තිබේ.
අනතුරෙන් තුවාල ලබා රෝහල් ගතකර ඇත්තේ ත්‍රිරෝද රථ රියදුරු සහ එහි ගමන්ගත් කාන්තාවන් දෙදෙනකු සහ මෝටර් රථයේ ගමන්ගත් කාන්තාවක් බවයි පොලිසිය පවසයි.



