වාහන තීරුබදු ඉවත් කළ හැකි දින දැනුම් දෙන ලෙස අගමැතිගෙන් උපදෙස්


අංජුල මහීක වීරරත්න

 

එන්ජින් ධාරිතාවය 1000ට අඩු මෝටර් රථ සඳහා පැනවු බදු ඉවත් කළ හැකි නිශ්චිත දින වකවානු දැනුම් දෙන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මුදල් අමාත්‍යාංශයට අද (2) උපදෙස් දුන්නේය.

වර්ෂ 2018 අයවැය මගින් ඉදිරිපත් කළ යෝජනා අනුව එන්ජින් ධාරිතාව 1000 ට අඩු හා හයිබ්‍රිඩ් වාහන බදු  අගෝස්තු 1 වැනි දා සිට ඉහළ දැමුනි.

එන්ජින් ධාරිතාවය පහළ අගය ගන්නා වාහන අසීමාන්තික ලෙස රට තුළට ගෙන ඒම නිසා පාලනය කරගත නොහැකි මට්ටමේ වාහන තදබදයක් කොළඹ ඇතුළු ප්‍රධාන නගරවල ඇති වන බව අදාළ අංශ අවස්ථා ගණනාවකදීම රජයට දැඩි දෝෂාරෝපණයක් එල්ල කෙරෙතැයි මුදල් අමාත්‍යාංශය අවස්ථා ගණනාවකදීම කරුණු පෙන්වා දෙනු ලැබිණි.

ඉදිරියේ දී ආරම්භ කිරිමට නියමිත සැහැල්ලු දුම්රිය මාර්ග පද්ධතියත් සමඟම ප්‍රධාන වශයෙන්ම කොළඹ නගරයේ වාහන තදබදය විශාල වශයෙන් අඩු කිරිමට හැකි බැවින් කුඩා වාහන සඳහා අය කළ බදු ඉවත්කළ හැකි වෙතැයි ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය කරුණූ වාර්තා කරනු ලැබීය.

ඉහත ආකාරයට සියළු පාර්ශවයන් කළ දැනුම් දීම් පදනම් කර ගනිමින් එන්ජින් ධාරිතාව අඩු වාහන බදු අඩු කළ හැකි කාල වකවානුව නිශ්චිතව දැනුම් දෙන ලෙස අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මුදල් අමාත්‍යාංශයට දැනුම් දුන්නේය.