වාහන ණයෙන් මාධ්‍යවේදී වයස පහතට?


මාධ්‍යවේදීනට වාහන ණය දීමේදී වසර 25ක පළපුරුද්ද අඩුකිරීම කෙරෙහි මහින්ද රාජපක්‍ෂ ජනපතිගේ අවධානය යොමු වී ඇතැයි ජනමාධ්‍ය ඇමැති කෙහෙලිය රඹුක්වැල්ල මහතා පාර්ලිමේන්තුවේදී පැවැසීය. එම සීමාව පහත දමන ලෙස ජනපතිගෙන් ද ඉල්ලීම් ලැබී ඇතැයි ඇමැති කීවේය.