වාහන ගෙන්වීමේ තීරු බදු සහන බලපත්‍රය වසර 5 කට වරක් රජයේ නිලධාරීන්ට


රංජන් කස්තුරි
 
රජයේ ඉහළ නිලධාරීන්ට සහනදායි පදනම මත මෝටර් රථ බලපත්‍ර ලබා දීමේ යෝජනා ක්‍රමයට අදාල නීති ඉකුත් 8 වැනිදින සිට සංශෝධනය කර තිබේ.
 

ඒ අනුව මෙතෙක් රජයේ නිලධාරීන්ට වසර 10කට වරක් හිමිව තිබූ බදු සහන යටතේ වන මෝටර් රථ බලපත්‍රය මින් ඉදිරියට වසර පහෙන් පහට ලබාදීමට පියවර ගෙන තිබෙන බව මුදල් අමාත්‍යාංශය සඳහන් කරයි.
 
මීට අමතරව බදු සහන හිමි නිලධාරියා ආනයනය කරන මෝටර් රථයේ වටිනාකම හෝ එන්ජින් ධාරිතාවය කුමක් වුවද ඔහුට හිමිවන්නේ රුපියල් මිලියන 3.6  ක බදු සහනයක් පමණක් බවද මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය නිකුත් කළ චක්‍රලේඛනයේ සඳහන් වී තිබේ.