( දිල්රුක්ෂි ග්‍රේරු )
කොළඹ නගරයේ වාහන ගාල් කිරීමේදී අය කෙරෙන ගාස්තුව ගෙවීමට අතපසු වූ රියදුරන්ට ඉන් අනතුරුව ගෙවීමට සිදු වන දඩ මුදල් ගෙවීම මින් ඉදිරියට අවලංගු කරන ලෙස කොළඹ නගරාධිපතිනි රෝසි සේනානායක මහත්මිය කොළඹ මහ නගරසභා කොමසාරිස්වරයාට දැනුම් දී තිබේ.
කොළඹ මහ නගර සභාවේ මීළඟ රැස්වීම් වාරයේදී මෙම යෝජනාව සම්මත කරගැනීමේ බලාපොරොත්තුව මත නගරාධිපතිනිය විසින් මෙම දැනුම්දීම කරනු ලැබ ඇත.
වාහන ගාල් කිරීමේ දඩමුදල් ගෙවීමේදී පුද්ගලයින්ට සිදු වු අපහසුතා පිළිබඳව ලැබුණු පැමිණිලි සලකා බලා මින් ඉදිරියේදී මුදල් ගෙවීමේ අතපසු වීමක් සිදු වුවහොත් දඩ මුදල් අය කර නොගැනීමට නගරාධිපතිවරිය මෙම අනුමැතිය ලබා දී තිබේ.
වැල්ලවත්ත ගාලුපාරේ රථ වාහන නැවැත්වීම සඳහා වෙන්කර ඇති තීරුවක රථය නැවැත්වීම වෙනුවෙන් රුපියල් 30 ක ගාස්තුවක් ගෙවීමට අතපසු වූ පුද්ගලයෙකුට දින 13 ක කාලයක් ගත වූ පසු දඩය වශයෙන් රුපියල් 10,120 ක මුදලක් ගෙවීමට සිදවූ තිබූ බව ලංකාදීප වෙබ් අඩවිය වාර්තා කළේය.
එම සිද්ධියත් ඒ හා සම්බන්ධ අනෙකුත් පැමිණිලිද සලකා බලා නගරාධිපතිනිය විසින් මෙම තීරණය ගනු ලැබ ඇත.