ජාතික පුවත්පත්වල දැන්වීම් පළ කරමින් ඡන්දයට මුදල් එකතු කිරීමට මෙවර මහ මැතිවරණය වෙනුවෙන් ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක වාසුදේව නානායක්කාර මහතා පුවත්පත් දැන්වීම් පළ කර ඇත.
අද (22) බොහෝ ජාතික පුවත්පත්වල ඔහුගේ දැන්වීම් පළ කර තිබුණි.
දකුණේ ඉඩම් හිමි ධානපතියකුවන වාසුදේව නානායක්කාර මහතා එම ඉඩම්වලින් ආදායම් ලබන්නෙකි. තම දරුවන්ටද ඒවායේ ලාබ ලබාදීම සිදුකරයි. මීට පෙර රුපියල් සියය බැගින් එකතු කර උදය ගම්මන්පිල මහතා තම මැතිවරණ ව්‍යාපාරයට ජනතාවගෙන් මුදල් එකතු කළේය.
දැන් එය වාසුදේව නානායක්කාර මහතා විසින් සිදුකරගෙන යනු ලැබේ.


