ජනාධිපති ලේකම් කාර්යාලයයේ වාහන 16 ක් අවභාවිතා කරන ලදැයි රිමාන්ඩ් භාරයට පත් කොට සිටින පාර්ලිමේන්තු මන්ත්‍රි සජින් ද වාස් ගුණවර්ධන මහතා බන්ධනාගාර රෝහලෙන් ඉවත් කොට සාමාන්‍ය සිරකරුවන් රඳවා සිටින වාට්ටුවකට වහාම මාරු කරන ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු පද්මිණි රණවක ගුණතිලක මහත්මිය නියම කළාය.
සජින් වාස් මහතා බරපතල චර්ම රෝගයකින් පෙළෙන බව ඔහු අධිකරණයට ප්‍රකාශ කළත් වෛද්‍ය පරික්ෂණයට භාජනය කිරිමෙන් අනතුරුව ඔහුට එවැනි රෝගයක් නොමැති බව අධිකරණයට ඉදිරිපත් කළ වාර්තාව සැලකිල්ලට ගත් විනිසුරුවරිය එලෙස නියම කළාය.

