වාස්ට ඇප සලකා බැලීම කල් යයි


හිටපු නියෝජ්‍ය පොලිස්පති  වාස් ගුණවර්ධනට  ඇප දීම සම්බන්ධයෙන් 21 වැනිදා තීරණය කරන බව කඩුවෙල  මහේස්ත්‍රාත්  වසන්ත ජිනදාස මහතා ප්‍රකාශ කළේය.

වාස් ගුණවර්ධනට මහාධිකරණයේ නඩු පවරා නැති හෙයින් සාමාන්‍ය යුක්ති ධර්මයට අනුව ඇප දීමට හැකියාව ඇති බවට ඔහුගේ නීතීඥවරු තර්ක කළහ. පැමිණිල්ල ඊට විරුද්ධ විය.

සියළු කරුණු විමර්ශනයකින් පසු  තීරණය දෙන බව මහේස්ත්‍රාත්  පැවසීය.

මාලඹේ තාක්ෂණ ආයතනයේ නිපුණ රාමනායක සිසුවාට පහර දුන්නැයි සම්බන්ධ සිද්ධියේද වාස් හා ඔහුගේ පුත් රවිදු ගුණවර්ධන සැක පිට චෝදනා ලබති.