හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතා අද කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට රැගෙන ආවේ නැත.
ඔහු බන්ධනාගාර රෝහලේ ප්‍රතිකාර ලබන බව නිලධරයෝ අධිකරණයට දැන්වූහ.
මේ අතර ගුණවර්ධන මහතාගේ අයිපෑඩයේ විස්තර ඇතුළත් වාර්තාවක් කොළඹ විශ්ව විද්‍යාලයයෙන් ලැබී ඇතැයි රහස් පොලිස් සහකාර අධිකාරී ශානි අබේසේකර මහතා අධිකරණයට දැන්වීය.
බම්බලපිටියේ ධනවත් ව්‍යාපාරික මොහොමඩ් සියාම් මරා දැමීයැයි හිටපු නියෝජ්‍ය පොලිස්පති, ඔහුගේ පුත් රවිඳු ඇතුළු හත් දෙනෙක් සැකපිට රිමාන්ඩ් කරනු ලැබ සිටිති. දෙසැම්බර 17 වැනිදාට නඩුව කල් තැබිණි.

