වාස් මාලබේ නඩුවටත් රිමාන්ඩ්


මාලබේ තාක්ෂණ ආයතනයේ නිපුන රාමනායක  ශිෂ්‍යයාට පහරදුන්නැයි සැකපිට හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතා ලබන 24 වැනි දා තෙක් රිමාන්ඩ් භාරයේ තබන ලෙස කඩුවෙල මහේස්ත්‍රාත් වසන්ත ජිනදාස මහතා නියෝග කළේය.

ඔහු රිමාන්ඩ් භාරයෙන් අධිකරණයට ඉදිරිපත් කළ අතර සැකකරුවකු වන ඔහුගේ පුත් රවිඳු හෝ සෙසු සැකකරුවෝ උසාවියට ඉදිරිපත් කරනු නොලැබූහ.

රවිඳු ඉදිරිපත් කරන ලෙස දන්වා තිබියදීත් ඉදිරිපත් නොකළේ ඇයිදැයි කරුණු කීමට ලබන 24 වැනි දා අධිකරණයේ පෙනී සිටින්නැයි මහේස්ත්‍රාත් බන්ධනාගාර අධිකාරීට නියෝග කළේය.