වාස් නැතුව නඩුව විභාගයට


තමා නොමැතිව නඩුව විභාග කරගෙන යනවාට විරුද්ධත්වයක් නැතැයි මොහොමඩ් සියාම් ඝාතන නඩුවේ සැකකරුවකු වන හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන කොළඹ ජාතික රෝහලේ සිට අධිකරණයට දැනුම්දී ඇතැයි ඔහුගේ නීතිඥවරු කියති.

ඒ අනුව අද නඩුව විභාගයට ගැනිණි.

ඔහුගේ ජ්‍යෙෂ්ඨ නීතිඥවරයා අද විත්තියේ දේශනය පැවැත්වීය. කොළඹ මහාධිකරණයේදී නඩුව විභාග වෙයි.