වාස් දිගටම රිමාන්ඩ් ද නැද්ද


බම්බලපිටියේ ධනවත් ව්‍යාපාරික මොහොමඩ් ෂ්‍යාම් ඝාතනය සම්බන්ධයෙන් වසරකට ආසන්න කාලයක් රිමාන්ඩ් බාරයේ සිටින හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන  හා ඔහුගේ පුත් රවිඳු ඇතුළු හය දෙනා තවදුරටත් රිමාන්ඩ් කිරීම ගැන බ්‍රහස්පතින්දා (5) තීන්දුව දෙන බව විශේෂ මහාධිකරණය අද (4) ප්‍රකාශ කෙළේය.

රෝහිණි වල්ගම, ලියොන් සෙනෙවිරත්න හා ලලිත් ජයසුරිය යන විනිසුරු මඬුල්ල හමුවේ මේ නඩුව විභාග වේ.

මහාධිකරණ නඩු විභාගය අවසන් වන තුරු සැකකරුවන් රිමාන්ඩ් බාරයේ තැබිය යුතු යැයි රජයේ නීතිඥවරිය කරුණු දැක්වුවාය.  එවැනි  ඉල්ලීමක් නීතිපති විසින් පෞද්ගලිකවම කළ යුතු යැයි විත්තියේ නීතීඥවරු කීහ. නීතිපති තමාට ඒ අවසරය දී ඇතැයි නීතිඥවරිය පැවැසුවාය