බම්බලපිටියේ ධනවත් ව්‍යාපාරික මොහොමඩ් සියාම් ඝාතනය සම්බන්ධයෙන් සැකපිට හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතා ඇතුළු පස් දෙනකු තවත් මාස තුනකට රිමාන්ඩ් කිරීමට විශේෂ මහාධිකරණය අද තීන්දු කළේය.
විශේෂ මහාධිකරණ සභාපති රෝහිනී වල්ගම විනිසුරුවරිය, ලලිත් ජයසූරිය හා ලියෝන් සෙනවිරත්න විනිසුරුවරුන්ගේ එකඟත්වයෙන් ප්‍රකාශ කළේ වසරක් රිමාන්ඩ් භාරයේ සිටි සැකකරුවකුගේ ඇප යළි දීර්ඝ කිරීම සඳහා නීතිපති පෞද්ගලිකවම පෙනී සිටිය යුතුයැයි විත්තියේ නීතීඥවරුන් ඉදිරිපත් කළ තර්ක පිළිගත කළ නොහැකි බවයි.
වාස් ඇතුළු පස් දෙනාගේ රිමාන්ඩ් කාල සීමාව ලබන සතියේ අවසන් වීමට නියමිතය. මහාධිකරණ තීරණය අනුව ඔවුහු මාස තුනක් යළිත් රිමාන්ඩ් කරනු ලැබ සිටිති.
එහෙත් වාස් ගුණවර්ධන මහතාගේ පුත් රවිඳුගේ රිමාන්ඩ් කාලය තවමත් බලපැවැත්වෙන හෙයින් අධිකරණය ඔහුගේ රිමාන්ඩ් කාලය දීර්ඝ කළේ නැත.
නඩු විභාගය ලබන 16 වැනි දා ඇරැඹීමට නියමිතය.

