වාලම්පුරියක් කෝටි 4 කට අළෙවි කරන්න ගිය 4 ක් අත්අඩංගුවේ


(ඉන්දිකා රාමනායක)

රුපියල් කෝටි 4 ක මුදලකට මාබෝලේ ප‍්‍රදේශයේ පුද්ගලයකු වෙත අලෙවි කිරීම සඳහා රැගෙනවිත් තිබු ටයිටේරියන් වර්ගයේ වාලම්පුරි බෙල්ලෙක් සමඟ සැකකරුවන් සිව්දෙනක් අත්අඩංගුවට ගත්බව වත්තල පොලිසිය කියයි.

සැකකරුවන් සිව්දෙනා කුඩා බෑගයක මෙම බෙල්ලා සඟවාගෙන ගැනුම්කරු පැමිණෙන තෙක් මාබෝලේ ප‍්‍රදේශයේ මාර්ගයේ රැදී සිටි තිබේ.

අත්අඩංගුවට ගත් සිව්දෙනා වයස අවුරුදු  37,36,34,31 යන වයස්වල පසුවන්නන් බවත් මොවුන් වැල්ලම්පිටිය,  ග‍්‍රෑන්ඞ්පාස්,  වත්තල යන ප‍්‍රදේශය වල පදිංචිකරුවෝ වෙති.

කින්‍නියා ප‍්‍රදේශයෙන් ලැබුණ මෙම වාලම්පුරිය තමන් රුපියල් කෝටි 4 ක මුදලකට අලෙවි කිරීමට  සුදානමින් සිටින  බවට පොලිස් ප‍්‍රශ්න කිරිම් හමුවේ සැකකරුවන් ප‍්‍රකාශ කර ඇත.