
(ගයාන් සූරියආරච්චි)
දුර්ලභ ගණයේ වාලම්පුරි 03 ක් සමඟ පුද්ගලයෝ තිදෙනෙක් සේරුනුවර නගරයේ දී විශේෂ කාර්ය බලකාය නිලධාරීන්ගේ අත්අඩංගුවට ගනු ලැබූහ.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ බලංගොඩ, රඹුකන සහ පස්සර ප්‍රදේශ වල පදිංචි වයස අවුරදු 36 ත් 50 ත් අතර වයසේ පසුවන පුද්ගලයන් තිදෙනෙකු බව විශේෂ කාර්ය බලකාය කියයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් වැඩිදුර විමර්ශන කටයුතු සඳහා සේරුනුවර පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.

