සිතුම් චතුරංග
කොළඹ සිටින ව්‍යාපාරිකයකු හට රුපියල් කෝටි දෙකක මුදලකට අලෙවි කිරීම සඳහා ටයිටන් වර්ගයේ වාලම්පුරි දෙකක් රැගෙන යමින් සිටි පුද්ගලයින් දෙදෙනකු කිලිනොච්චිය විශ්වමඩු ප‍්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව කිලිනොච්චිය පොලිස් විශේෂ කාර්ය බළකාය කියයි.
කිලිනොච්චිය පොලිස් විශේෂ කාර්ය බළකා කඳවුරේ නිලධාරීන් වෙත ලැබුණු තොරතුරකට අනුව සිදුකළ විශේෂ වැටලීමක දී සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගත් බව විශේෂ කාර්ය බළකාය පැවසීය.
වැටලීම සිදුකරන අවස්ථාවේ සැකකරුවන් කිසියම් පුද්ගලයකු වෙත පෙන්වීම සඳහා වාලම්පුරි රැගෙන යතුරුපැදියකින් රැගෙන යමින් සිටි බවට අනාවරණය වූ බවද කීය.
සොයාගත් ඒ වාලම්පුරියක් අගල් 11 දිග ග‍්‍රෑම් 400 පමණ බරින් යුතු වන අතර අනෙක් වාලම්පුරිය අගල් නවයක් දිග ග‍්‍රෑම් 315 බරින් යුතු බවද සඳහන් කළේය.
සැකකරුවන් දෙදෙනා දුරකථන මාර්ගයෙන් හඳුනාගත් කොළඹ සිටින ව්‍යාපාරිකයකු වෙත ලබාදීම සඳහා සූදානම්ව තිබූ බවට සිදුකළ විමර්ශන වලදී අනාවරණය වූ බව පැවැසීය.
අත්අඩංගුවටගත් සැකකරුවන් කොඩිකාමම් වාරණි උතුර ප‍්‍රදේශයේ පදිංචි අවුරුදු 27ත් 35 අතර වයසේ පසුවෙන්නෝ වෙති.