(ජවුෆර් ඛාන්)
මඩකලපුව කල්කුඩාවේ ඉදිකරන මත්පැන් නිෂ්පාදනාගාරයක් ගැන වාර්තා කිරීමට ගිය මාධ්‍යවේදීන් දෙදෙනෙකුට පහර දීමට විරෝධය පාමින් හා සාධාරණ පරීක්ෂණයක් කරන ලෙස ඉල්ලා වාලච්චේනෙයි මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපිටදී අද (24) විරෝධතාවක් පැවැත්විණි.
නල්ලතම්බි නිත්තියානන්දන් හා පුන්නියමූර්ති සසිකරන් යන මාධ්‍යවේදීන් දෙදෙනාට පහර දී තිබුණේ පසුගිය මාර්තු 21 වැනි දා ය.
ජාතික ධීවර එකඟතා සංවිධානය, අම්පාර නැගෙනහිර සූරියන් සංවිධානය හා මන්නාරම දිස්ත්‍රික් ධීවර එකඟතා සංවිධානය එක්ව මෙම විරෝධතාව සංවිධානය කර තිබිණ.
පහර දීම සම්බන්ධයෙන් පොලිසිය වෙත පැමිණිලි කළද පොලිස් පරීක්ෂණයේ කිසිදු දියුණුවක් නොමැති බව විරෝධතාකරුවෝ පවසති. මේ සම්බන්ධයෙන් මානව කොමිෂන් සභාව මඩකලපුව කාර්යාලය වෙතද පැමිණිලි කර ඇත.
කල්කුඩාවේ අක්කර 19 ක මත්පැන් නිෂ්පාදන කම්හලක් ඉදි වෙමින් පවතින අතර එහි ඉදිකිරීම් නවත්වන්න යයි ජනතාව ඉල්ලති.




