වාරිමාර්ග සේවකයෝ විරෝධයේ


(යොහාන් භාසුර)

වාරිමාර්ග දෙපාර්තමේන්තුව පිහිටි කොළඹ බෞද්ධාලෝක මාවතේ ගොඩනැගිල්ලෙන් එම දෙපාර්තමේන්තුව ඉවත් කර කොටස් වශයෙන් වෙනත් ස්ථානවලට ගෙන යෑමට විරෝධය දක්වමින් එම දෙපාර්තමේන්තුවේ සේවකයෝ විරෝධතාවක නිරත වීම නිසා කොළඹ 7 ප්‍රදේශයේ මේ වන විට දැඩි වාහන තදබදයක් ඇතිවී තිබේ.

එම ගොඩනැගිල්ල විදේශ කටයුතු අමාත්‍යංශයට පවරා ඇති බවත් ඒ හේතුවෙන් වාරිමාර්ග දෙපාර්තමේන්තුව කොටස් ලෙස වෙනත් ස්ථානවල ස්ථාපිත කිරීමෙන් සමස්ත වාර්මාර්ග ක්ෂේත්‍රයම කඩාවැටිය හැකි බව ද සේවකයෝ පවසති.

(ඡායාරූප: ශාන්ත රත්නායක)