(ක.ග කරුණාරත්න සහ දයාරත්න ඇඹෝගම)
පොලොන්නරුව පරාක්‍රම සමුද්‍රය වාරිමාර්ග ඉංජිනේරු අසේල උදයංග මහානාම මහතාට බැණ තර්ජනය කර පහරදීමේ සිද්ධියට විරෝධය පළ කර වාරිමාර්ග දෙපාර්තමේන්තුවට අයත් සියලුම කාර්ය මණ්ඩල සාමාජික සාමාජිකාවෝ අද(14) දහවල් පොලොන්නරුව නව නගරයේදී උද්ඝෝෂණයක මෙම උද්ඝෝෂණයේ නිරත වුහ.
එම පහර දීමට අදාළ ප්‍රධාන සැකකරු වන පොළොන්නරුව දිස්ත්‍රික්කයේ එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායකවරයා පොලිස් අත්අඩංගුවට ගන්නා ලෙසද උද්ඝෝෂකයෝ පැවසුහ.
පොලොන්නරුව, මහනුවර, මාතලේ, ත්‍රිකුණාමලය, මඩකලපුව හා අම්පාර යන දිස්ත්‍රික්කවල වාරිමාර්ග දෙපාර්තමේන්තුවට අයත් සියලුම කාර්ය මණ්ඩල සාමාජික සාමාජිකාවෝ උද්ඝෝෂණයට එක්ව සිටියහ.
උද්ඝෝෂණයට සහය පළ කිරීම සඳහා ගොවි සං සංවිධාන නියෝජිතයන්යින්, සමස්තලංකා ගොවිජන සම්මේලනයේ ප්‍රධාන ලේකම් ටී.බී සරත් මහතා ඇතුළු නියෝජිතයින් සහ ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමයේ පොලොන්නරුව දිස්ත්‍රික් ශාඛාවේ සාමාජික සාමාජිකාවෝ ද එක්ව සිටියහ.
මීට අමතරව පොලොන්නරුව පරාක්‍රම සමුද්‍ර වාරිමාර්ග ඉංජිනේරු අසේල උදයංග මහතාට පහරදුන් පොලොන්නරුවේ එජාප දේශපාලඥයා වහාම අත්අඩංගුවට ගෙන නිතීමය පියවර ගන්නැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ඉංජිනේරුවරු ඇතුළු සමස්ත කාර්ය මණ්ඩලය අද (14) අනුරාධපුර ඩී.එස්.වටරවුම ඉදිරියේදි උද්ඝෝෂණයක නිරතවුහ.
ඡායාරූප - ක.ග කරුණාරත්න
ඡායාරූප - දයාරත්න ඇඹෝගම